සද මඩලට බැබළෙන්නට
නුඹත් පැමිණ නික්ම යන්න

"යන ඒන ගමන් ඔබගෙ අදහස්
මට කියන්න අමතක කරන්න ඒපා"

Monday, July 12, 2010

රත්තරං බබෝ

\

රත්තරං බබෝ
ඔයා අම්මගේ උණුසුමට
තුරැළු වෙලා
මොන තරම් සැහැල්ලුවකින්ද
නිදා ගෙන ඉන්නේ
අපිටත් තිබුණ ඔයා වගේම
සැහැල්ලුවෙන් හිටපු කාලයක්
ඒත් දැන් ඒ සැහැල්ලුව
අපිට නෑ
කාලයත් එක්ක
ඒ සැහැල්ලු ලෝකය අපෙන්
ඈතට ගිහිං
කාලය ගත වෙන කොට
ජීවිතේ බර වැඩි වෙනවා
මේ ලෝකෙ ජීවත් වෙන එක
හරිම අමාරැයි
පුංචි ඔයා ලොකු වෙන්නෙත්
මේ විෂම සමාජය ඇතුලේ
ඔයාටත් දවසක ඔය
සැහැල්ලු ජීවිතෙන් ඈත් වෙන්න වෙයි
ඒත් හැමදාම සැහැල්ලුවෙන්
ජීවත් වෙන්න පුළුවන්නම්‍
කොච්චර හොදද?

6 comments:

මෝඩයා said...

වයසට යාම
අනිවාර්යයි....
නමුත් මුහුකුරා
යෑම වෛකල්පිකයි......

ඉලංදාරියා said...

ජිවිතය හරිම පුඩුමාකාරයි...එත් ..අපි කියලා මොන්වාකරන්නනද...අපි මේ සමජය ඇතුලේ පුන්චි මිනිහෙක් විතරයි..අපිට සැහැල්ලුව අත්විඩින්න් ආමාරුඉ....අපි යන යන තැන ඇලෙනවා..අපේ හිත .. එතකොටයි ජිවිතේ බර වැඩිවෙන්නේ.......

පිස්සා පලාමල්ල said...

හැමදාම ඒ සැහල්ලුවෙන් ඉන්න පුලුවන්නම්....

RanDil said...

මටත් හැමදාම හිතෙන සිතුවිල්ලක් මේ. ලස්සනයි

දුමී said...

ජීවිතය සුන්දර වෙන්නෙ, අභියෝග ඇතිවෙන තරමට . . . අභියෝග නැතිව ජීවිතය සැහැල්ලු උනාම එකේ කිසිම රහක් නෑ . . . ජීවත් වෙනවා කියන්නෙ අභියොග ජයගන්න එකට . . . . ! එතකොට තමයි ටිකක් ජීවිතය සැහැල්ලු උනහමත් ඒක නියමෙට තේරෙන්නෙ . . .!

සද මඩල said...

ජීවිතේට අභියෝග ඕනේ ඒත්......අනේ මන්ද.

සද මඩල ආවට ස්තූති.නැවත එන්නකො