සද මඩලට බැබළෙන්නට
නුඹත් පැමිණ නික්ම යන්න

"යන ඒන ගමන් ඔබගෙ අදහස්
මට කියන්න අමතක කරන්න ඒපා"

Monday, July 12, 2010

ආදරයේ කෙළවර විවාහයද

\

"ආදරයේ කෙළවර විවාහය"
මේ සමහරැන්ගේ අර්ථකතනයයි
නමුත් ඔබ එය පිළි ගන්නවාද?
මා නම් එක හෙළා විරැද්ධයි
ආදරය මුකුලිත වන රැකයි
විවාහය ආදරයේ ඵල බර වු රැකයි
ආදරය කරන කාලය විවාහයෙන් කෙලවර වු විට,
විවාහ වු ආදරවන්තයන් හතුරන් වෙනවාද?
එසේත් නැතිනම් ආදරය කිරිම නවත්වනවාද?
එසේ වු විට එක වහලක් යට ජීවත් වන්නේ කෙසේද?
ඔබටත් මටත් මෙය විසදා ගත නොහැකි ගැටළුවක් වේ
ඔබ මා හා එකඟ වේද?

ආදරයේ කෙළවර විවාහයද
නැති නම් මා සිතනා පරිදි
විවාහය ආදරයේ ඵල බර වු රැකද

10 comments:

Shadow/හේමලයා said...

ආදරය ගැන නම් චූට්ටක් විතර දන්නවා (අඩුගානේ දන්නවා කියලා හිතාන ඉන්නව කියමුකෝ)..විවාහය ගැන නම් NO Idea......:D...


තව දෙයක්...මේ Comment Word Verification එක අයින් කොරන්නොකෝ.....:(....

සද මඩල said...

මං තාම ආධුනිකයි.පුළුවන්නම් ඒක අයින් කරන විදිහ ලියනවද.ලොකු උදව්වක් අනේ

Shadow/හේමලයා said...

Settings > comments > Show word verification for comments?(select- no)

..:D..

සද මඩල said...

ගොඩක් ස්තූතියි ඔයාට.මං ඒක හැදුවා.

Anonymous said...

ආදරයේ අවසානය විවාහය නම් විවාහා වුනාට පස්සේ ආදරයක් නැති වෙන්න ඕනේ....මම නම් කියන්නේ ආදරයේ අවසානය දික්කසාදවීම හෝ වෙන කෙනෙකුට ආදරේ කිරීම කියලයි...
Saman Rathnayake

සද මඩල said...

ආදරයේ අවසානය විවාහය නම් ඔබ කියන දේ සිදුවෙන්නත් පුළුවන් තමයි.

හා පැටික්කි (MS) said...

ආදරයක් අවසාන උන තැනක විවාහ ජීවිතයක් තියේවිද?????

අනේ මංද තාම ඔව්ව හිතන්න පොඩි වැඩියි මාත්..........

gayaa said...

ස්තූති හා පැටියෝ.ජීවිතේ ඉගෙන ගන්න ලොකු වෙන්නම ඕනේද?පොඩි අයට බැරිද?මාත් තාම පොඩියි අනේ

දුමී said...

බලාගෙන යනකොට මෙතන ඇවිල්ල තියෙන්නෙ ඔක්කොම පොඩි ළමයි . . . . හා හා ... ගිහිල්ල සෙල්ලම් කරන්න, ඔය ලොකු ඈයන්ගේ ප්‍රශ්න ඔළුවලට ගන්නෙ නැතුව . . . !

සද මඩල said...

ඒකනම් ඇත්ත.සතුටුයි සදමඩලට ආවට