සද මඩලට බැබළෙන්නට
නුඹත් පැමිණ නික්ම යන්න

"යන ඒන ගමන් ඔබගෙ අදහස්
මට කියන්න අමතක කරන්න ඒපා"

Tuesday, July 13, 2010

හැඟුමන්....

\

මිහිරියි මතකයන්
සොදුරැයි ඒ හැඟුම්
අමිහිරියි මතකයන්
කටුකයි ඒ හැඟුම්

සුන්දරයි ජීවි‍තය
නගයි මුව හසකැළුම්
අසුන්දරයි ජීවිතය
නගයි නෙත කදුලැල්

සිත නිසසලය
ආදරයයි දෝර ගලන්නේ
සිත සසලය
දුකයි දෝර ගලන්නේ

ඔබව හිමි වී
හිත‍ ජයකෙහෙලි නගන්නේ
ඔබව අහිමි වී
හිත පාරමී පුරන්නේ

Monday, July 12, 2010

ආදරයේ කෙළවර විවාහයද

\

"ආදරයේ කෙළවර විවාහය"
මේ සමහරැන්ගේ අර්ථකතනයයි
නමුත් ඔබ එය පිළි ගන්නවාද?
මා නම් එක හෙළා විරැද්ධයි
ආදරය මුකුලිත වන රැකයි
විවාහය ආදරයේ ඵල බර වු රැකයි
ආදරය කරන කාලය විවාහයෙන් කෙලවර වු විට,
විවාහ වු ආදරවන්තයන් හතුරන් වෙනවාද?
එසේත් නැතිනම් ආදරය කිරිම නවත්වනවාද?
එසේ වු විට එක වහලක් යට ජීවත් වන්නේ කෙසේද?
ඔබටත් මටත් මෙය විසදා ගත නොහැකි ගැටළුවක් වේ
ඔබ මා හා එකඟ වේද?

ආදරයේ කෙළවර විවාහයද
නැති නම් මා සිතනා පරිදි
විවාහය ආදරයේ ඵල බර වු රැකද

රත්තරං බබෝ

\

රත්තරං බබෝ
ඔයා අම්මගේ උණුසුමට
තුරැළු වෙලා
මොන තරම් සැහැල්ලුවකින්ද
නිදා ගෙන ඉන්නේ
අපිටත් තිබුණ ඔයා වගේම
සැහැල්ලුවෙන් හිටපු කාලයක්
ඒත් දැන් ඒ සැහැල්ලුව
අපිට නෑ
කාලයත් එක්ක
ඒ සැහැල්ලු ලෝකය අපෙන්
ඈතට ගිහිං
කාලය ගත වෙන කොට
ජීවිතේ බර වැඩි වෙනවා
මේ ලෝකෙ ජීවත් වෙන එක
හරිම අමාරැයි
පුංචි ඔයා ලොකු වෙන්නෙත්
මේ විෂම සමාජය ඇතුලේ
ඔයාටත් දවසක ඔය
සැහැල්ලු ජීවිතෙන් ඈත් වෙන්න වෙයි
ඒත් හැමදාම සැහැල්ලුවෙන්
ජීවත් වෙන්න පුළුවන්නම්‍
කොච්චර හොදද?

Sunday, July 11, 2010

මගෙ පණ ඔයා

\


ඔයා මගෙ පණ මගෙ ජීවිතෙ
හීනෙකින්වත් ඔයාට දුකක් දෙන්න මට බෑ
ඔයා ලඟ නැතිව මෙ ගෙවන දවස් ටික
මගෙ පුංචි හිතට දරා ගන්න බැරි දුකක්
ඒත් ඒ දුක ඔයාට කියල
ඔයාගෙ හිත අවුල් කරන්න මට බැ
දුක හිතෙ හිර කරන් තවත් විදවන්න
ශක්තියක් මට නැ රත්තරං
ඒත් මං මෙනවා කරන්නද
ඒ ටික හිතන්නවත් හිතට නිදහසක් නැ
හිත හැම වෙලාවෙම හෙයන්නෙ ඔයාව
ඔයාගෙ ආදරණීය සුවද,ඔයාගෙ උණුහුම
ගෙවන හැම තත්පරයකම දැස තෙතයි ඒ
හැම තත්පරයකම ඔයාව මතකයට ඒන නිසා

ඔයාට තියන ආදරය වැඩි නිසයි

හිත මෙ තරමට පිච්චෙන්නෙ
වෙලාවකට මෙ ආදරය දරා ගන්න බැ
තව කෙච්චර කාලයක් ඔයා නැතුව මෙ දුක විදින්නද
හිතනකෙටත් අැඟ සීතල වෙනවා
ඒත් අපිට ඉවසන්නම වෙනවා
ඒ අපෙ අනාගතය වෙනුවෙන්
නෙඉපදුනු අපෙ දරැ පැටව් වෙනුවෙන්

සිතට දුකයි

\

සිතට දුකයි
නුඹ ළඟ නැති නිසා
දැස තෙතයි
නුඹ රැව නෙපෙනෙන නිසා
මට තනියයි
නුඹ දුරැ රටක නිසා

නුඹෙ ආදරය දෙන්න......

\

මලක් වී සුවද දෙන්න
ගසක් වී සෙවන දෙන්න
ගඟක් වී සිසිල දෙන්න
ඉර හද වී විශ්වාසය දෙන්න
ආදරය වී ඔබව දෙන්න

ජීවිතය වී ලඟින් ඉන්නට දෙන්න

මගෙ පණ ගෙන නුඹෙ ආදරය දෙන්න

Friday, July 9, 2010

ආදරය

\



ඔබට මා ආදරය කරමී නමුත් ඔබ මට ආදරය කරයිද මට ඒය ගැටළුවක් වෙද නැත ඔබ මට ආදරය කරත් නැතත් මා ඔබට ආදරය කරමී මා ඔබට ආදරය කරනුයෙ ඔබව හිමි කර ගැනිමට නෙවෙ, ඔබ මා සතු වුවත් නැතත් මගෙ ආදරය වෙනස් නෙවෙ සදාකල් මා ඔබට ආදරය කරමී මාගෙ පිවිතුරැ ආදරය ඒයයි.....

Monday, July 5, 2010

පැතූ එකම ආදරය

\
කෙතරම් ආදරය පැතූවත් මා‍ ගෙන්
මා පැතූ එකම ආදරය ඔබයි
කෙතරම් සැදුවත් අමතක කරන්නට
අමතක නොවුනු ආදරය ඔබයි

පහනක් ලෙසින් දැල්වී ආ නුඹ අද

සදක් වෙලා ආදරේ නමින්

ජීවිතයට සුවද අරන්

ආදරයේ අරැත අරන්

පැමිණියා නුඹ මගේ පුංචි ලෝකයට

මාද නොපැතු නොසිතු ලෙසින්

සුන්දරයි මගේ ජීවිතය අද
නුඹ නමින් තැනු ලෝකයේ

සත්තමයි මගේ වස්තුවේ

දිවිය තුරාව ඉන්නම් නුඹ ලඟ

නොමැකෙන
නොමැරෙන .........ආදරයෙන්

සුන්දර සිහිනය

\

නොසිතු ලෙසින් නොපැතු ලෙසින්
නුඔ මගේ දිවියෙම හිමිකරැ වුවා.........
නොපැතු ලෙසින් නොසිතු ලෙසින්
යුග දිවියට අප පා නැගුවා........

අතීතයේ පෙම්වතුන් ලෙසින් අප
එක් වී හුන් කාලයක් තිබි ඇත........
එනමුදු කාලයේ ඇවැමයෙන් අප
අපගෙන් සමුගෙන දෙපසට වි ඇත.........

යලි ඔබ මා එක් වී ජීවිත ගමනේ
නොබිදෙන බැම්මක් ලෙසින් බැදී........
අපේම වු අපේ පුංචි ලෝකයක
සුවය විදි ආදරෙන් බැදී..........